විශ්වයේ බහුලවම දැකිය හැක්කේ හිස් අවකාශයයි. සෞර ග්‍රහ මණ්ඩලයට ආසන්නම තාරකාව පිහිටා ඇත්තේ කිලෝමීටර් ට්‍රිලියන තිහක් දුරිනි. (එනම් මිලියන හතලිහ මෙන් මිලියනයක්) අප සතු වේගවත්ම රොකට්ටුවේ ගමන් කලත් මෙම දුර ගෙවා යාමට අසන්න ලෙස වසර අසු දහසක් ගතවේ. ඊටත් වඩා දුරින් පිහිටි තාරකා හා මන්දාකිණි වලට ගමන් කිරීමට වසර මිලියන ගණනක් ගතවේ.
අභ්‍යවකාශ තරණය එතරම් කල් ගතවන කරුණක් නම් අභ්‍යාවකාශ වස්තු අධ්‍යනය කරන්නේ කෙසේද? අප තරු පිළිබඳව තොරතුරු සොයා ගන්නේ කෙසේද?
ඇත්තවශයෙන්ම දුර බැහැර විශ්වය පිළිබඳ තොරතුරු ගවේෂණය සිදු කරන්නේ දුරදක්න ආධාරයෙනි.
නමුත් ඇතැම් තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සඳහා මාස ගණනාවක් ගතවේ. සිතන්න දින ගණනක්, මාස ගණනක් මෙසේ නිරීක්ෂණ සිදු කිරීම කෙතරම් නීරස කාර්යක් ද කියා. මීට විසඳුමක් ලෙස LCOGT විද්‍යාඥයන් රොබෝ දුරදක්නයක් යොදා ගෙන නිරීක්ෂණ සිදු කරනවා.
රොබෝවරුන් යනු පරිගණක මගින් ක්‍රියාත්මක වන යන්ත්‍රයන්. නර්තනය, බිම පිරිසිදු කිරීම මෙන්ම දුරදක්න ක්‍රියාත්මක කිරීමටත් මිනිස් මැදිහත්වීමකින් තොරව රොබෝ යන්ත්‍ර වලට හැකියාව පවතිනවා. දිගු කලක් ගතවන අභ්‍යවකාශ නිරීක්ෂණ සඳහා අනගි සහයක් රොබෝ දුරේක්ෂ මගින් ලැබෙනවා.
ලාස් කුම්බ්‍රස් නිරික්ෂණාගාරය හෙවත් LCOGT සතු රොබෝ දුරදක්න රටවල් හයක් තුල ස්ථාපිත කර තිබෙනවා. මෙම LCOGT ජාලය මගින් විද්‍යාඥයින් “සක්‍රිය මන්දාකිනි” පිළිබද අධ්‍යන වල නිරත වෙනවා.
සක්‍රිය මන්දාකිනි අතීශයින් දීප්තිමත්. නමුත් එහි ආලෝකයට හේතුව මන්දාකිනිය තුල පිහිටි තාරකා බිලියන ගණනක ආලෝකය පමණක් නොවෙයි. එහි මධ්‍යයේ පිහිටා ඇති සුපිරි යෝධ කාල කුහරයත් ඊට බලපානවා.
Arp 151 යනුවෙන් හඳුන්වන සක්‍රිය මන්දාකිනිය දින 200 තිස්සේ මෙම දුරදක්නයක් මගින් අධ්‍යනය කරනු ලැබුවා. එහි ප්‍රතිපලය පුදුම සහගතයි. ඒ අනුව ඉතා අපහසු කාර්යක් ලෙස නම් කල හැකි කාල කුහරයක ස්කන්ධය මැන ගැනීමට පර්යේෂකයන් සමත් වුනා.
ඒ අනුව Arp 151 මන්දාකිනිය මධ්‍යයේ ඇති කාල කුහරය අපේ සුර්යා ගේ ස්කන්ධය මෙන් මිලියන හයකට නොඅඩු බව ගණනය කිරීම් වලින් හෙළි උනා. එය තරබාරු රාක්ෂයෙක් ලෙස හැඳින්විය හැකියි.
ඔබේ දැනුමට
“රොබෝ” යන වචනය චෙක් භාෂාවේ “රෝබෝටා” යන වචනයෙන් පැවත එන්නක්. එහි අරුත “බලයෙන් වැඩ ගන්නා” යන්නයි. වර්තමානයේ බොහෝ රොබෝ යන්ත්‍ර මගින් නීරස, නැවත නැවත සිදු කල යුතු හෝ අනතුරුදායක කාර්යන් සිදු කිරීමට යොදා ගන්නවා. උදාහරණ ලෙස බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීම හෝ වෙනත් ග්‍රහ ලොවක් ගවේෂණය වැනි කාර්යන් දැක්විය හැකියි.
Share: