Find Us Online At
iBookstore
Android app on Google Play
Like Us
A programme by
ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා ගේ පිබිදීම
9 September 2015

ඔබ ෆීනික්ස් පක්ෂියා ගේ කතාන්දරය අසා තිබේද? ෆීනික්ස් යනු සුරංගනා කතා වල කියවෙන වසර සිය ගණනක් තිස්සේ ජීවත් වන ස්වර්ණමය පක්ෂියෙකි. ඌ වයස්ගත වන විට ගිනිබත් වී සිය අළු වලින් යලි නැගී සිටී.

ෆීනික්ස් පක්ෂියා ගේ වැනි සුරංගනා කතා සත්‍ය වීම නිතර සිදුවන්නක් නොවේ. නමුත් විශ්වයේ විශ්මිත දේ ගවේෂණය කරන තාරකා විද්‍යාඥයන් හට ෆීනික්ස් පක්ෂියා මෙන් විශ්වයේ අක්‍රීයව පැවති ප්‍රදේශයක් යලි සක්‍රිය වන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකි වී තිබේ.

මෙහි සත්‍ය කතාව ඇරඹෙන්නේ වසර බිලියනයකට පමණ පෙර ඉතා දුරින් පිහිටා තිබුන සුපිරි කාල කුහරයක් පුපුරා යාමත් සමගයි. එයින් ඇරඹුණු සුවිසල් අධි ශක්ති අංශු ධාරා ආලෝක වර්ෂ සිය දහස් ගණන් දුර පැතිරී ගොස් දීප්තිමත්ව බබලන වලාකුලක් නිර්මාණය විය.

වසර මිලියන කීපයක් තිස්සේ මෙම වලාකුළ දීප්තිමත්ව, අපේ ඇස සංවේදී නොවන ගුවන් විදුලි ආලෝකය විශ්වය සිසාරා නිකුත් කරමින් පැවතින. අවසානයේ එම වළාකුලේ ශක්තිය හීන වී ගොස් ක්‍රමයෙන් එය අඳුරු වී ගියේය.

.. නමුත් කතාව නිමා වන්නේ නැත.

වසර ගණනාවකට පසු එම වායු වලාකුලට නුදුරින් මන්දාකිනි යුගලයක් ප්‍රචණ්ඩ ලෙස එකිනෙක හා ගැටුණි.

එම ඝට්ටනය නිසා නිකුත් වූ කම්පන තරංගය කෙතරම් බලවත් ද යත් එම ශක්තිය නිසා වායු වලාකුළ නැවත වතාවක් බැබලීම ඇරඹුණි. ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා නැවත ඉපදුනි.

නැවත ඉපදුන ගුවන්විදුලි ෆීනික්ස් පක්ෂියා ගේ සේයාරුවක් ඉහත දැක්වේ. රුපයේ මැදට තරමක් පහලින් ඇති කොළ පැහැති දඟරාකාර රේඛාවක් ලෙස දිස්වන්නේ එම දීප්තිමත් වායු වලාකුලයි. 

ඔබේ දැනුමට

බොහොමයක් අභ්‍යවකාශ වස්තු ගුවන්විදුලි තරංග විමෝචනය කලත් ඒ ගැන මුලින්ම සොයා ගත්තේ 1932 වර්ෂයේ දීය.   

Share:

Images

Rise of the Radio Phoenix
Rise of the Radio Phoenix

Printer-friendly

PDF File
1017.5 KB